ඩීසල්-පෙට්‍රල්  ‘රුපියල් 26ක අධිභාරය’ ඉවත් කෙරෙයි

52

ඩීසල් සහ පෙට්‍රල් මත පනවා තිබූ රුපියල් 26ක අධිභාරය ඉවත් කර තිබෙනවා.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ගණන් ක්‍රමයෙන් ඉහළ යමින් පැවතීම ඊට හේතුවයි.

ඒ අනුව ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ ගියද අධිභාරය ඉවත් කිරීමත් සමඟ මෙරට ඉන්ධන මිල වැඩි නොවනු ඇති.

කෙසේ වෙතත් අධිභාරය ඉවත් කිරීම හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාවට සිදුවන පාඩුව පෙට්‍රල් ලීටරයකට රුපියල් 35කට වඩා වැඩිවන අතර, ඞීසල් ලීටරයකින් රුපියල් 25ක පමණ පාඩුවක් සිදුවන බව ද විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා.

Your Comments