ඩ්‍රෝන යානයක් නිසා හීතෲ ගුවන් තොටුපල පැයකට වසා දමයි

13

ලන්ඩන් – හීතෲ ගුවන් තොටුපළ ඊයේ දිනයේදී පැය එක හමාරකට අධික කාලයක් වසා දමා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ගුවන් තොටුපළ ආසන්නයෙන් ඩ්‍රෝන් යානයක් පියාසර කිරීම හේතුවෙන් මෙලෙස ගුවන් තොටුපල බලධාරීන් මෙම පියවර ගෙන ඇති බවයි.
කවුරුන් විසින් එම ඩ්‍රෝන යානය ගුවන් ගත කළේ ද යන්න පිළිබද මෙතෙක් කරුණු අනාවරණ වී නැහැ.
කෙසේ වෙතත්, ගුවන් තොටුපළේ ආරක්ෂාවට තර්ජනයක් වන බැවින් ඒ පිළිබදව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Your Comments