ඥානසාර හිමි නිදහස් කිරීමට ජනපති ගත් තීරණය අභියෝගයට ලක් කළ පෙත්සම සලකා බැලීමට දින දෙයි

68

අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාලව උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට කල් ලබා දී තිබෙනවා.

එම පෙත්සම ඉදිරිපත් කලේ ඥානසාර හිමියන් නිදහස් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් සිය මූලික අයිතීන් කඩ වන බව සඳහන් කරමින්.

සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.බී දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ යි අද කැඳවනු ලැබුවේ.

ඒ අනුව පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් මස 10 වනදා දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කලා.

එමෙන්ම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින නීතිපති, ජනාධිපති ලේකම්, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පාර්ශව කීපයක් වෙත නොතීසි යවන ලෙස ද අධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට දැනුම් දුන්නා.

Your Comments