ජාතික ආරක්ෂාව පිලිබද වෘත්තීය උපදේශක මණ්ඩලයක්

11

ජාතික ආරක්ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලයක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබෙනවා.

එහි සභාපතිවරයා වන්නේ ආචාර්ය සරත් අමුණුගම මහතායි.

ජාතික ආරක්ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලය පළමුවරට අද ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා.

එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තම අදහස් සහ යෝජනා ස්වාධීනව ඉදිරිපත් කරමින් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන යන වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට මෙම උපදේශක මණ්ඩලය සිය උපරිම දායකත්වය ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

මේ අතර සිය පුත්‍රයාගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගිවීම වෙනුවෙන්, පෞද්ගලික සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දහවල් එංගලන්තය බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

ඒ අනුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කර තිබෙනවා.

Your Comments