ජයසූරියගේ තහනම ගැන අර්ජුන කියූ කථාව

41

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී නීති දෙකක් උල්ලංඝණය කිරීමේ චෝදනාවට වරද පිළිගත් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරියට වසර දෙකක ක්‍රිකට් තහනමක් පනවා තිබුණා.

2017 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන කාලයේදී එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට සහය නොදීම ගැන සනත් ජයසූරියට මහතාට චෝදනා එල්ල කළේ පසුගිය ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය මගින්.

නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවසුවේ, අදාළ චෝදනාවලට සනත් ජයසූරිය වරද පිළිගැනීමෙන් අනතුරුව ඔහුට වසර දෙකක ක්‍රිකට් තහනමක් ලබා දීමට තීරණය කළ බවයි.

මේ සම්බන්ධයෙන් හියපු ටෙස්ට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා දැක්වුයේ මෙවන් අදහසක්.

සනත් ජයසූරියට අයත් ජංගම දුරකතනයක් පරීක්ෂණ සඳහා භාර දෙන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කළ ඉල්ලීම නිසි ලෙස ඉටු නොකිරීම තහනමක් පැනවීමට හේතුවයි. තහනමට අනුව සනත් ජයසූරියට සියලු ම ආකාරයේ ක්‍රිකට් ක්‍රියාකාරකම්වල නියැළීම වසර දෙකකට තහනම්. එසේ ම, මෙම කාලවකවානුව තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සම්බන්ධ කිසිදු ක්‍රිකට් ක්‍රියාකාරකමක නියැළීමට දනොහැකියි. ජාත්‍යන්තර කවුන්සිලයට සම්බන්ධ රටවල ද එම තහනම බලපැවැත්වෙන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කිසිදු කටයුත්තකට ද සනත් ජයසූරියට සහභාගි වීම තහනම්. ක්‍රීඩා කිරීම, පුහුණු කිරීම, තනතුරක් දැරීමට අමතරව නිල උත්සවවලට සහභාගිවීම ද කළ නොහැක්කක්. චෝදනා එල්ල වූ අවස්ථාවේ නිවේදනයක් නිකුත් කරමින් සනත් ජයසූරිය කියා සිටියේ, තමාට එල්ල වී ඇති චෝදනා තරග පාවා දීම්, තණතිලි වෙනස් කිරීම් හෝ වෙනත් දූෂණ ක්‍රියාවක් සම්බන්ධ ඒවා නොවන බවත්, ඔවුන්ගේ පරීක්ෂණවලට සහයෝගය ලබා නොදීම සම්බන්ධයෙන් බවතය. ක්‍රීඩාව සම්බන්ධයෙන් තමන් හැම විට ම අවංකභාවයෙන් සහ විනිවිදභාවයෙන් යුතුව ක්‍රියා කළ බවද ඔහු කියා සිටියා. 2017 සිම්බාබ්වේ පිළේ ශ්‍රී ලංකා සංචාරය ගැන ලැබුණු පැමිණිලි මත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පරීක්ෂණ ආරම්භ කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් සහ එවකට තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් විසින් අවස්ථා කිහිපයකදී ප්‍රශ්න කරනු ලැබුවා. එහි එක් අවස්ථාවකදී ජංගම දුරකතනයක් පරීක්ෂණ කටයුතු සඳහා භාර දෙන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කළ ඉල්ලීම නිසි ලෙස ඉටු නොකිරීම තහනම පැනවීමට හේතුවයි. පෞද්ගලික හේතුවක් මත ජංගම දුරකතනය භාර දීම කල්ගත වූ බව සනත් ජයසූරිය හේතු ලෙස දක්වා තිබුණා.

Your Comments