ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ දැව සභාපති යළි රිමාන්ඩ්

41

රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක යන මහත්වරුන් ලබන මස 13 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කන්තලේ සීනි සමාගමට අයත් කොටස් ඉන්දිය සමාගමකට ලබාදීම වෙනුවෙන් එම සමාගමෙන් රුපියල් කෝටි 54ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් කොටසක් ලබා ගැනීමේදී අල්ලස් කොමිසම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ පසුගිය මැයි මස 03 වන දා කොළඹ පිහිටි හෝටලයක රථ ගාල තුලදීයි.

Your Comments