ජනාධිපතිවරණය කැඳවීමේ බලය මැතිවරණ කොමිසමට

40

ජනාධිපතිවරණය පැවැත්විය හැකි දිනය ප්‍රකාශයට පත්කීරීමේ පූර්ණ බලය මැතිවරණ කොමිසමට ලබා දී තිබෙනවා.

ඒ ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 සිටයි.

ආණ්ඩුක්‍්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව ඔක්තෝබර් 14 වැනිදාට පෙර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ යුතු වනවා.

කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කලේ එළඹෙන ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා තවමත් නිශ්චිත දිනයක් තීරණය කර නොමැති බවයි.

මේ අතර මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අලුතින් ඡන්දදායකයින් දෙලක්ෂ තිස් එක් දහස් දෙසිය විසිනවයකට අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමිසම පවසනවා.

මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ 2018 ඡන්ද හිමි නාමලේඛනයට අනුවයි.

2018 ඡන්ද හිමි නාමලේඛනයට අනුව ලියාපදිංචි මුළු ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූ හයදෙනෙක්.
2017 ඡන්ද හිමි නාම ලේඛනයේදී ජන්ද දායකයින් එක්කෝටි පනස් හත්ලක්ෂ 60 දහස් අටසිය හැට හත් දෙනකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටියා.

මේ අතර ජනාධිපතිවරණය පැවැත්විය හැකි දිනය ප්‍රකාශයට පත්කීරීමේ පූර්ණ බලය මැතිවරණ කොමිසමට ලබා දී සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා

මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළව නිරීක්ෂණ කටයුතු අද සිට ආරම්භ කරන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසනවා.

ඔක්තෝබර් 13 වනදා දක්වා එය ක්‍රියාත්මක බවයි එහි ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා සඳහන් කලේ.

Your Comments