ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම සඳහා අද සිට

10

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම සඳහා අද[19] සිට රාජ්‍ය සේවකයන්ට අවස්ථාව පවතිනවා.

මැතිවරණ කොමිසන් සභාව පැවසුවේ තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීමට ලබන 30 වනදා දක්වා අවස්ථාව පවතින බවයි.

මේ අතර, ජනාධිපතිවරණයේ ඇප මුදල් තැන්පත් කිරීම සඳහා ද අද සිට අවස්ථාව පවතින බව සදහන්.

අද සිට ඔක්තෝබර් 6 වැනිදා මධ්‍යහ්න 12 දක්වා කාලය ඒ සදහා අවස්ථාව ලබාදී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් කියා සිටියේ.

ඒ අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ස්වාධීන අපේක්ෂකයන් දෙදෙනෙකු මැතිවරණ කොමිෂන් සභාව හමුවේ අද පෙරවරුවේ ඇප තැන්පත් කර තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පිවිසි හිටපු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. අමරසිංහ යන මහත්වරුන් මෙලෙස මැතිවරණ කොමිෂන් සභාව හමුවේ ඇප තැන්පත් කර ඇති බව සදහන්.

Your Comments