ජනබලයට සහභාගි වූ තිදරු පියෙක් ජීවිතක්ෂයට
රංජිත් රාජපක්ෂ - හැටන්

79

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඊයේ (05) කොළඹදී සංවිධානය කර තිබූ ජනබලය කොළඹට විරෝධතාවයට එක්වූ හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි අයෙකි.
මරණකරු වෘත්තියෙන් පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයකු ලෙස කටයුතු කරන අතර, ඔහු හැටන් කොළඹ පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයා වශයෙන් සේවය කර තිබෙනවා.
හැටන් ප්‍රදේහයේ ජනබලය කොළඹට සහභාගි වීම සඳහා ගිය ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකු සමග මරණකරු කොළඹට ගොස් මාලිගාවත්ත ප්‍රදේශයේ බස් රථය නතර කිරිමෙන් පසු මිතුරන් සමග ලේක්හවුස් වටරවුම දක්වා පා ගමනින් යන අතරතුර තමන්ට අසනීප බවත්, එම නිසා යළිත් තමන් බස් රථයට යන බව පවසා ගිය බවයි ඔහුගෙ මිතුරෙකු කියා සිටියේ.
ඊයේ(05) පස්වරු 6.15ට පමණ යළිත් බස් රථයට පැමිණ පරීක්ෂා කිරීමේදී මරණකරු බස් රථයේ අසුනක් මත වැටී සිටි බවයි ඔහුගේ මිතුරෙකු කියා සිටියේ.
මරුණකරුගේ බිරිය ගෘහ සේවය සඳහා විදේශගතවී ඇති අතර ඔහුට පිරිමි ළමුන් දෙදෙනෙකු සහ වයස අවුරුදු පහක ගැහැනු ළමයකුද වනවා.
මියගිය පුද්ගලයාගේ මෘතදේහය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර තිබෙනව අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (06) සිදු කිරීමට නියමිතයි.

Your Comments