ජනපති හා අගමැති මෝදී හමුවෙයි [PHOTOs]

16

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අද පෙරවරුවේ හමු වුණා.

ඒ Hyderabad House හි දී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතාවලට සාක්ෂියක් වන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී දක්වා තිබෙනවා.

එය බැඳීම් ශක්තිමත් කිරීමට මෙන්ම හවුල්කාරිත්වයට ශක්තියක් වනු ඇති බවයි නරේන්ද්‍ර මෝදී නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශන්කර් අතර හමුවක් ද අද පෙරවරුවේ නවදිල්ලි නුවරදී සිදු වුණා.

ඒ සිය දෙදින ඉන්දීය රාජ්‍ය සංචාරය අතරතුරදීයි.

ජනාධිපති ධූරයට පත්විමෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනය පරිදි සිය ප්‍රථම නිල චාරිකාව සඳහා ඉන්දියාව තෝරාගැනීම පිළිබඳ මෙහිදී එරට විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙත සිය ප්‍රසාදය පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

අසල්වාසින් ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය මෙම චාරිකාව සමඟ තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි විශ්වාසය පළ කළ ඉන්දීය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ නව රජය අනුගමනය කරන වැඩපිළිවළෙට ඉන්දීය රජයේ පුර්ණ සහාය හිමිවන බව ද කියා සිටියා.

ඉන්දියාවේ චාරිකාවක් සඳහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තමාට කළ ආරාධනය පිළිබඳ මෙම හමුවේදී කෘතඥතාව පළ කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද්විපාර්ශ්වික මිත්‍රත්වය වර්ධනය කර ගැනිම සිය අපේක්ෂාව බවයි සඳහන් කළේ.

මේ අතර, ජනාධිපතිවරයා ඉන්දිය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ද ඊයේ පස්වරුවේ හමුවුණා.

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීම වෙනුවෙන් විශේෂ උත්වසයක් එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සහ ජනාධිපති රාම් නාත් කෝවින්ද්ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සංවිධාන කර තිබුණේ නවදිල්ලි නුවර ජනාධිපති මන්දිරය වන රාශ්ට්‍රපති බවන් හිදීයි.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාත් ආර්යසිංහ, භාණ්ඩාගාර ලේකම් එස්. ආටිගල, ජනාධිපතිවරයාගේ උපදේශක ලලිත් වීරතුංග සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර යන මහත්වරු ද චාරිකාවට එක්ව සිටිනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීම වෙනුවෙන් විශේෂ උත්සවය ..

Your Comments