ජනපති නෙරපා – හමුදාව රාජ්‍ය බලය අල්ලයි, ව්‍යවස්ථාවත් ගුවන් ගමනුත් අත්හිටුවයි

182

ජනාධිපතිවරයා බලයෙන් නෙරපා රාජ්‍ය බලය ඇල්ලූ බව ජාතික රුපවාහිනිය ඔස්සේ සුඩාන හමුදාව නිවේදනය කර තිබෙනවා.

ඒ වසර 30ක් පමණ බලයේ සිටි ජනාධිපති (ෆීල්ඩ් මාෂල්) ඔමාර් අල් බෂීර් (Omar al-Bashir) බලයෙන් පහකරමින්.

මේ පිළිබඳ එරට හමුදාව ජනතාවට දන්වා සිටියේ රාජ්‍ය රූපවාහිනිය ඔස්සේයි.

ජනතාව ඇමතූ ආරක්ෂක අමාත්‍ය ලුතිතන් ජෙනරාල් අහමඩ් අවාඩ් ඉබ්න් අව්ෆ් (Ahmed Awad Ibn Auf) ප්‍රකාශ කර ඇත්තේ කාර්තුම් (Khartoum) අගනුවර ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවසේදී අත්අඩංගුවට ගත් බවයි.

ජනාධිපතිවරයා ආරක්ෂා සහිතව සිටින බව ද ආරක්ෂක අමාත්‍යවරයා තහවුරු කළා.

එරට උප ජනාධිපති ලෙස පසුගිය පෙබරවාරි 23 සිට අප්‍රෙල් 11 දක්වා කටයුතු කළ ලුතිතන් ජෙනරාල් අහමඩ් අවාඩ් ඉබ්න් අව්ෆ් අන්තර්වාර හමුදා පාලනයේ නායකයාද වෙයි.

හමුදා ප්‍රධානියා ජනතාවට පොරොන්දු වූයේ වසර දෙකක සංක්‍රාන්ති කාලයක් රට මෙහෙයවා ඉන් අනතුරුව මැතිවරණයක් පවත්වන බවයි.

මේ අතරම ඔහු නිවේදනය කළේ මාස තුනක කාලයක් හදිසි නීතිය බල පැවැත්වෙන බවයි.

මේ අනුව සුඩානයට ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළා.

කෙසේ වෙතත් ඊට විරෝධය පළ කරමින් ජනතාව වීදි බැස තිබෙනවා.

උද්ඝෝෂකයන් හමුදා මූලස්ථානය ඉදිරිපිට ද එක්රැස්ව සිටිනවා.

හමුදාව බලය අල්ලා ගැනීමෙන් පසු එරට ව්‍යවස්ථාවද අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

ගුවන් ගමන් ද පැය 24කට අත්හිටුවා තිබෙනවා.

එරට 7වන ජනාධිපතිවරයා ලෙස 1989 ජුනි 30 වනදා බලයට පැමිණි ඕමාර් අල් බෂීර් මේ වන විට 75වන වියේ පසුවනවා.

ඔහුට එරෙහිව මාස කිහිපයක් පුරා උද්ඝෝෂණ ක්‍රියාත්මක වූවා.

ඒ පසුගිය දෙසැම්බර් මාසයේ ඉන්ධන සහ පාන් මිල වැඩි කරන බවට රජය නිවේදනය කිරීමත් සමගයි.

මිනී මැරීම් මෙන්ම දූෂණ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය (International Criminal Court) (ICC) හමුවේ අධිචෝදනා ලැබූ පළමු ජනාධිපතිවරයා ලෙස සැළකෙන්නේ ද Omar al-Bashir සුඩාන ජනපතිවරයාය.

1960 දී හමුදා සේවයට එක්ව ෆීල්ඩ් මාෂල් (Field Marshal) තනතුර ට හිමිකම් කියන Omar al-Bashir වසර 29කට වැඩි කාලයක ජනපති තනතුරේ කටයුතු කළා.

පහතින් දැක්වෙන්නේ වැඩිම කාලයක් අඛණ්ඩව රාජ්‍ය බලය හෙබවූ රාජකීය නොවන නායකයන් 10 දෙනා පිළිබඳවයි.

Your Comments