ජනපති දළඳා සමිදුන් වැදපුදා ගනී

20

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ දළදා සමිදුන් වැදපුදා ගත්තා.
මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දළදා වහන්සේ වැදපුදාගෙන ආගමික වතාවත්වල නිරතවු බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ.

අනතුරුව ජනාධිපතිවරයා මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

ඉන් අනතුරුව අස්ගිරි ගෙඩි ගේ රජ මහා විහාරය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අස්ගිරි අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි අනුනායක ස්වාමීන් වහන්සේ බැහැදැක කෙටි පිළිසඳරක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.
උන්වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කර ජනපති වෙත උදාවන නව වසරට ආශිර්වාද කර තිබෙනවා.
එසේම අස්ගිරි ගෙඩිගේ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරෙන නව දාන ශාලාවේ සහ පුරා විදයා මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතුද මෙහිදී ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක යන මහත්වරුන්ද එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

Your Comments