ජනපති අපේක්ෂකත්වයට 33ක් ඇප තැන්පත් කරයි

36

ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයන් 33 දෙනෙකු මේ වන විට ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.
ජනාධිපතිවරණය සඳහා ඊයේ තවත් අපේක්ෂකයින් 12 දෙනෙකු ඇප තැන්පත් කර ඇති බවයි එම කොමිසම සදහන් කළේ.
ඊයේ දිනයේ දී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරුණු අතර, හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ද ඇප මුදල් තැන් පත් කෙරුණා.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසද, ජාතික ජනතා පක්ෂය නියෝජනය කරමින් මහේෂ් සේනානායක මහතාද, පෙරටුගාමි සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් දුමින්ද නාගමුව මහතා ද ඊයේ දිනයේ දී ඇප මුදල් තැන් පත් කළා.
මේ අතර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලු අපේක්ෂකයන් හෙට මැතිවරණ කොමිසමට කැදවා ඇති බව ද සඳහන්.
මේ අතර, ජනාධිපතිවරණයේ දී මැතිවරණ නීති අකුරටම ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
ඊයේ පැවති මාධ්‍ය හමුවකදීයි හෙතෙම ඒ බව සදහන් කළේ.

 

Your Comments