“ජනපති අපේක්ෂකත්වයට කිසිදු බාධාවක් නැහැ”

18

සිය ද්විත්ව පුරවැසි භාවය සහ ශ්‍රී ලාංකිය ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පැහැදිලි කිරීමක් කළා.

ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පැවති හමුවකදී.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටියා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා එහිදී පැවසුවේ, තම ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගෙන තිබෙන බැවින් ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත්වීමට කිසිදු බාධාවක් නොමැති බවයි.

පසුගිය අපේ‍්‍රල් මස 17 වැනිදා ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගත් බවයි හෙතෙම පෙන්වා දුන්නේ.

ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුවත් කළ බවද ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කළා.

එහෙත් තම පුරවැසිභාවය සම්බන්ධයෙන් නොයෙකුත් අසත්‍ය ප‍්‍රචාරය කරමින් අධිකරණමය ක‍්‍රියාමාර්ගයකින් හෝ ප‍්‍රශ්න ඇති කිරීමට ඇතැමුන් උත්සාහ ගන්නා බවද ඔහු සඳහන් කළා.

Your Comments