ජනපතිට සහ අගමැතිට යළි සිතාසි

29

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ සාක්ෂි ලබා දීමට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට පස්වන වරටත් අද යළි සිතාසි නිකුත් කෙරුණා.
ඒ, ඔවුන් අද දිනයේත් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්.
මෙම නඩුව ලබන වසරේ ජනවාරි මස 22 සහ 23 යන දිනවල විභාගයට ගැනීමටයි කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියෝග කළේ.
පසුගිය ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එවකට විපක්ෂ නායක වූ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්  අතර රහස් ගිවිසුමක් ඇති බවට ප්‍රකාශ කිරීම ඇතුළු චෝදනා 03ක් යටතේ නීතිපතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

 

Your Comments