ජනපතිට මානව හිමිකම් කොමිසමෙන් ලිපියක්

64

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 06 වැනිදා පාර්ලිමේන්තුවේදී මානව හිමිකම් කොමිෂන් සභාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පල කරන බව මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබෙනවා.

මානවහිමිකම් කොමිෂන් සභාවේ ප්‍රමාදය හේතුවෙන් මාලි රාජ්‍යයේ ස්ථානගත කර සිටි මෙරට භට පිරිස් නැවත ශ්‍රී ලංකාවට ගෙන ඒමට ප්‍රමාද වූ බවටයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය කිසිසේ නිවැරදි නොවන බවත් , එම ප්‍රකාශය දැඩි සේ ප්‍රතික්ෂේප කරන බවත් අදාළ ලිපියේ සඳහන්.

Your Comments