ජනපතිට එරෙහි චෝදනාවන්ට නිදහස් පක්ෂයෙන් පිළිතුරු

74

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතවීමට තම පක්ෂය යොමු කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැඩි විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු පිරිසක් අද කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළා.

එහිදී අදහස් දැක් වූ කැස්බෑව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක රජික කොඩිතුවක්කු මහතා කියා සිටියේ ජනාධිපතිවරයා ගත් තීරණයට එරෙහිව ඉදිරියේ දී තවත් දැඩි තීරණවලට එළඹීමට තම කණ්ඩායමට සිදු විය හැකි බවයි.

රජික කොඩිතුවක්කු මහතා ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර, ඊයේ ඔහු එම තනතුරෙන් ද ඉල්ලා අස්වුණා.

අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූ කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච්.බුද්ධදාස මහතා කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සමග එකඟ නොවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් තමන් සමග මෙම අරගලයට එක්ව සිටින බවයි.

ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණ හා නිදහස් පක්ෂය අතර, ඇති වන සමගි සන්ධානයට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම පිරිසක් මෙලෙස විරෝධය පල කිරීම සම්බන්ධයෙන් NEWS24 බස්නාහිර හිටපු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන් විමසීමක් කළා.

ඔහු ඊට ලබා දුන්නේ මෙවැනි පිළිතුරක්.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (03) ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේ තවත් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණා.

එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්නකර සිටියේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත් කිරීමත්, පොදුජන පෙරමුණ සමග එක්වීමත් හෙලා දකිමින් ජනාධිපතිවරයාට එරෙහිව අදහස් පළකළ ප්‍රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් පක්ෂයේ නිල මතය කුමක්ද යන්නයි.

ඊට පිළිතුරු ලබාදුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතායි.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවටම සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ද අදාළ සිදු වීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

Your Comments