ජනපතිගේ පෞද්ගලික ලේකම් ඉල්ලා අස්වෙයි

112

ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කල එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු කියා සිටියේ එරික් ප්‍රසන්න මහතා සිය පුද්ගලික හේතුවක් මත මෙලෙස ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි.
කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීරණ ලේකම්වරයා ලෙස එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා තවදුරටත් කටයුතු කරන බවද ජනාධිපති මාධ්‍ය ඒකකය කියා සිටියා.
මේ අතර ජනාධිපතිවරයවාගේ නව පුද්ගලික ලේකම්වරයා ලෙස ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ නාගරික මන්ත්‍රී ජනක රණවක මහතා පත්කර තිබෙනවා.

Your Comments