ජනනාත් වරකාගොඩ ඇප මත මුදාහරී

26

රිය අනතුරක් සිදු කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ප්‍රවීණ සංගීතඥ ජනනාත් රංගන වරකාගොඩ මහතා ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා විසින්.
රුපියල් 10,000 මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දෙක බැගින් වු ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරිමටයි නියෝග කෙරුණේ.
මේ අතර, විරෝධතාවක් අතරතුර කළහකාරී ලෙස හැසිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙණිය තරයේ අවවාද කර ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ ඔහු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනා ද සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
රුපියල් එක්ලක්ෂ 50,000ක ශරීර ඇපයක් මත ඔහු මුදාහල බවයි නිව්ස් 24 අධිකරණ වාර්තාකරු පැවසුවේ.

Your Comments