ජගත් මානව හිමිකම් සැසිවාරයට ජනපතිගෙන් කමිටුවක්

20

40 වන ජගත් මානව හිමිකම් සැසිවාරයට සහභාගි වීම සඳහා විදේශ අමාත්‍ය තිලක් මාරපනගේ නායකත්වයෙන් යුත් පස් දෙනෙකුගේ සමන්විත කමිටුවක් නම් කර තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත එම කමිටුව නම් කළ බවයි.
මෙම කමිටුවට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම, උතුර පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවීනාත ආරියසිංහ සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් නෙරීන් පුල්ලේ යන මහත්වරුන් ඇතුළත් වනවා.

Your Comments