ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සූදානම් වන්න – මැතිවරණ කොමිසම රජයේ මුද්‍රණාලයට දැනුම් දෙයි

28

මහ මැතිවරණය සඳහා අවශ්‍ය ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සූදානම් වන්නැයි, මැතිවරණ කොමිසම රජයේ මුද්‍රණාලයට දැනුම් දී තිබෙනවා.
මුද්‍රණාලයාධිපති ගංගානි කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළේ, නාම යොජනා භාර දීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම විසින් අවශ්‍ය ඡන්ද පත්‍රිකා මුද්‍රණයට රජයේ මුද්‍රණාලයට භාර දෙන බවයි.
කෙසේ වෙතත් ඇති වූ වසංගත තත්ත්වයත් සමග එය සිදු කිරීමට හැකි නොවූ බව ද ඇය සඳහන් කළා.
මැතිවරණය සම්බන්ධයෙන් පවතින තත්ත්වයන් නිරාකරණය වූ වහාම ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සියලු කටයුතු සූදානම් කර ඇති බව ද මුද්‍රණාලයාධිපතිනිය පැවසුවා.
මෙවර මහ මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා මිලියන 17 ක් පමණ මුද්‍රණයට කිරීමට නියමිතයි.
මේ අතර, සෞඛ්‍ය උපදෙස් මත කටයුතු කරමින් මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ හැකියාව කොමිසමේ නිලධාරින් සතුව පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා ප්‍රකාශ කළා.
ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Your Comments