ඡන්දය ප්‍රකාශ කර ජායාරූප ෆේස්බුක් දැමීම වසර තුනක සිරදඩුවම් ලැබිය හැකි වරදක්
මැතිවරණ කොමිසම කියයි

5

රාජ්‍ය නිලධාරීන් විසින් තැපැල් ඡන්දය ප්‍රකාශ කර “ෆෙස්බුක්“ සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කිරීම නීතිවිරෝධි කාර්යයක් බව මැතිවරණ කොමිසම පවසනවා
එවැනි ක්‍රියා සිදුකරන පුද්ගලයින් වසර 3ක සිර දඬුවමකට ලක්විය හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේ
රාජ්‍ය නිලධාරීන් විසින් ඡන්දය ප්‍රකාශ කර පින්තූර ගෙන සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කරනු ලැබුවහොත් අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරීවරයාට එරෙහිව ක්‍රියා කිරීමට සිදු වන බවද මහින්ද දේශප්‍රිය මහතා එහිදී වැඩිදුරටත් සදහන් කලා

Your Comments