චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ට මෙරටට පැමිණීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් සියයට 50ක වට්ටමක්

76

දැනට චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ට තම නිවෙස් කරා ආපසු යාමට පහසුකම් සැලසීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.
ඒ, කොරොනා වයිරස් වසංගතය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කඩිනම් වැඩපිලිවෙල යටතේයි.
ඒ අනුව බීජිං සහ කැන්ටන් සිට ගුවන්ගමන් නියමිත කාලසටහනට අනුව සිදුකරන අතර නැවත ශ්‍රී ලංකාව බලා යාමට අවශ්‍ය සිසුන්ට ජාතික ගුවන් සේවය වහාම සියයට 50ක වට්ටමක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.
මීට අමතරව, දැනට චීනයේ සිටින සිසුන් සඳහා විශේෂ ගුවන් ගමනක් ක්‍රියාත්මක කිරීමටද ශ්‍රී ලංකන් ගුවන් සේවය සැලසුම් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් චීනයේ සහ ශ්‍රී ලංකාවේ අදාළ බලධාරීන් සමඟ සිවිල් ගුවන් සේවා හා සෞඛ්‍ය බලධාරීන් සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා ආරම්භ වී ඇති බව ද සඳහන්.

Your Comments