ගෝඨාභය රාජපක්ෂ සිංගප්පුරුව බලා පිටත්වෙයි

61

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද සිංගප්පූරුව බලා දිවයිනෙන් පිටත්ව ගියා.
ඒ, වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහායි.
රාජපක්ෂ මහතා හෙට යළි දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
මේ අතර, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගීවන දෙවන ප්‍රධාන ජනරැලිය එළඹෙන 13 වැනිදා පැවැත්වීමට නියමිතයි.
ඒ, මහර – කඩවත බස් නැවතුම්පල අසලදී යි.
ගෝඨාභය රාජපක්ෂ සහභාගීවන ජනරැළි 141 ක් ඉදිරි දිනවලදී රට පුරා පැවැත්වෙනු ඇති.

Your Comments