ගුවන් තොටුපොළ හතරක් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙස ප්‍ර‍වර්ධනය කෙරෙයි

56

පලාලි සිට ඉන්දියාව දක්වා ආරම්භ කරන ගුවන් ගමන් සේවා සැපයීමේදී දේශීය මූල්‍ය සමාගම්වලට ඉහළ පුමුඛතාවක් ලබා දෙන බව ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා.

ඔහු අවධාරණය කළේ කටුනායක, මත්තල, රත්මලාන, සහ මඩකලපුව යන ගුවන් තොටුපොළ හතරක් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙස ප්‍ර‍වර්ධනය කෙරෙන බවයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ පලාලි ගුවන්තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින්.

එම ගුවන්තොටුපොළ එකිනෙකට සම්බන්ධ කෙරෙමින් කලාපීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් සේවා ආරම්භ කෙරෙන බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළා.

එම නිරීක්ෂණ චාරිකාව අතරතුරදී මාධ්‍යවේදීන් නැගූ ප්‍ර‍ශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසුවේ ඔක්තෝබර් 10 වැනිදා වන විට පලාලි ගුවන්ත්තොටුපොළේ පළමු අදියරේ සංවර්ධන කටයුතු අවසන් කරන බවයි.

ඒ අනුව 16 වැනිදා ගුවන් මෙහෙයුම් නිල වශයෙන් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

Your Comments