ගිනි අවි දෙකක් සමඟ සැකකරුවෙකු පිටිගලදී අත්අඩංගුවට

19

පිටිගල, මත්තක ප්‍රදේශයේදී ගිනි අවි දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී අදාළ ගිනි අවි සොයා ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
එහිදී සැකකරු සතුව තිබී බෝර 12 වර්ගයේ ගිනි අවියක්, උණ්ඩ 03ක් සහ ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සොයාගෙන තිබෙනවා.
සැකකරු මත්තක, පෝද්දිවල ප්‍රදේශයේම පදිංචි 45 හැවිරිදි අයෙකු බව සඳහන්.
ඔහු අද ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

 

Your Comments