ගාල්ල සහ කොළඹ ට සුපිරි පළාත් සම ශූරතාව

20

සුපිරි පළාත් එක් දින ක්‍රිකට් තරඟාවලියේ සම ශුරතාව ගාල්ල සහ කොළඹ කණ්ඩායම්වලට හිමිවුණා.

ඒ අද (11) දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වීම හේතුවෙන්.

අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 337ක්ලබා ගත්තා.

ළහිරු තිරිමාන්න ලකුණු 115යි.

පන්දු 128කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 9ක් ඇතුළත්.

වනිදු හසරංග ලකුණූ 87ක් රැස් කළා.

අනතුරුව තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් කොළඹ කණ්ඩායමට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

ඒ අනුව මෙවර සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය නිමා වුණේ ගාලු සහ කොළඹ කණ්ඩායම්වලට සම ශූරතාව හිමි කර දෙමින්.

තරගාවලියේ තෙවන ස්ථානය මහනුවර කණ්ඩායම පරාජයට පත් කළ දඹුල්ල කණ්ඩායමට ඊයේ (10) හිමි වුණා.

Lasith Malinga – The Best Bowler of the Tournament
Player of the Tournament -Dhananjaya De Silva

Your Comments