ගල්කිස්සේ රාත්‍රී සමාජශාලාවක සිදු වූ ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

34

ගල්කිස්ස ප්‍රදේශයේ රාත්‍රී සමාජශාලාවක් තුළ දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගල්කිස්ස ප්‍රදේශයේම පදිංචි 21 හැවිරිදි අයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිීසය සදහන් කළේ.
ඊයේ අලූයම සිදුවූ මෙම ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.
සිද්ධියෙන් මියගොස් තිබුණේ මොරටුව – හොරෙයිතුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි පුද්ගලයෙක්.
සමාජශාලාවේ නර්තනයේ යෙදෙන අතරතුර කාන්තාවක් මුල් කරගනිමින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් දුරදිගයාම නිසා මෙම ඝාතනය සිදුව ඇති බව සඳහන්.

Your Comments