ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ශල්‍යකර්මයක්

66

වසර 06ක සිර දඬුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ශල්‍යකර්මය අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත කියා සිටියේ දැනට උන්වහන්සේගේ ශල්‍යකර්මයක් සිදු කිරීමට සුදුසු තත්ත්වයක සිටින බැවින් එය අද දිනයේ සිදු කර බවයි.

ඥානසාර හිමියන්ට මෙම ශල්‍යකර්මය පසුගිය සඳුදා සිදු කිරීමට නියමිතව තිබුණත් එය කල් දැමුණේ හෘද ස්පන්ධනයේ පැවති ගැටළුවක් හේතුවෙන්.

මේ අතර, උන්වහන්සේගේ සුවදුක් විමසීම සඳහා ඊයේ එම රෝහල වෙත ගිය පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් කියා සිටියේ ඥානසාර හිමියන්ට නිදහස ලබා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බවයි.

Your Comments