ගංගා කිහිපයක ජල මට්ටම් සුළු ගංවතුර මට්ටමේ

24

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ ස්වයංක්‍රිය වාන් දොරටුව අද උදැසන සිට ස්වයංක්‍රියව විවෘත වි තිබෙනවා.
අධික වර්ෂාවත් සමඟ කොත්මලේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර වාන් දොරටුව ස්වයංක්‍රියව විවෘත වි ඇති බවයි එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසුවේ.
ඒ අනුව ජලාශ වේල්ලට පහලින් කොත්මලා ඔයේ දෙපස පදිංචිකරුවන් සහ එහි ජලය පරිහරණය කරන ජනතාව සැලකිලිමත්ව සිටින ලෙස ද එම ජලාශ භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටිනවා.
මේ අතර කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලටද ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ එම ජලාශ දෙකේම ජල ධාරිතාව පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව සදහන්.
මේ අතර ගංගා කිහිපයක ජල මට්ටම් සුලු ගංවතුර මට්ටම දක්වා වැඩි වී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන්ද , කලු ගග මිල්ලකන්ද ප්‍රදේශයෙන්ද , නිල්වලා ගග පානදුගම ප්‍රදේශයෙන්ද සුලු ගංවතුර මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බවයි අද පෙරවරු 10 ට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ.
ඊයේ දිනයේදී විමසිලිමත් වන ලෙස අනතුරු අගවා තිබූ කැළණි ගග / ගිං ගග ඇතුලු අනෙකුත් ගංගා වල ජල මට්ටම් මේ වනවිට අඩු වෙමින් ඇති බවද දෙපාර්තමේන්තුව සඳහන් කලා.
මේ අතර ඉහළ යන ගංගා ජල මට්ටම් සම්බන්ධයෙන් තවදුරටත් අවධානයෙන් පසුවන ලෙසයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියේ.
මේ එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා.

දිස්ත්‍රික් 4 කට බලපැවැත්වෙන පරිදි නිකුත් කල නායයාම් අනතුරු ඇගවීම තවදුරටත් බලාත්මක බවද ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියාසිටියා.

මේ අතර දිවයින ආශ්‍රිතව දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, උතුර සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි
මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් සියයට වැඩි ඉතා තද වර්ෂාපතනයක් ද අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ කාර්යයයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා.

Your Comments