කෝටි ගණන් වටිනා ඉන්දීය ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් මෙන්න – දෝනි ඉවතට – කෝලි මුලට

25

වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම් හිමි ක්‍රීඩක ලැයිස්තුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අද (16) ප්‍රකාශයට පත් කළා.

එහි විශේෂත්වය වන්නේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනිට කොන්ත්‍රාත් ගිවිසුමක් හිමි නොවීමයි.

ඔහු මීට පෙර ‘ඒ’ ඛාණ්ඩයේ කොන්ත්‍රාත් ගිවිසුමකට එළඹ සිටි නමුත්, නිමා වූ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසුව මෙතෙක් කිසිදු ජාත්‍යන්තර තරගයක් සඳහා ක්‍රීඩා කර නැහැ.

මේ අතර, මෙවර කොන්ත්‍රාත් ගිවිසුම් අතරින් ‘A +’ ඛාණ්ඩයට අයත්ව සිටින්නේ නායක විරාට් කෝලි, උප නායක රෝහිට් ෂර්මා සහ ජස්ප්‍රිට් බුම්රා යන ක්‍රීඩකයින්.

එම ගිවිසුමෙහි වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 7ක්.

‘A’ ඛාණ්ඩයට යටත් ක්‍රීඩකයන්ට ඉන්දීය රුපියල් කෝටි 5ක් වටිනා ගිවිසුම් හිමි වන අතර, එම ඛාණ්ඩයට යටත් ක්‍රීඩක සංඛ්‍යාව 11ක්.

‘B’ ඛාණ්ඩය යටතේ ක්‍රීඩකයන් 5 දෙනෙකුද, ‘C’ ඛාණ්ඩය යටතේ ක්‍රීඩකයන් 8 දෙනෙකු ද ගිවිසුම් ගතවී තිබෙනවා.

ඒ අනුව මෙවර කොන්ත්‍රාත් ගිවිසුම් හිමිව ඇති ක්‍රීඩක සංඛ්‍යාව 27ක්.

පසුගියවර කොන්ත්‍රාත් ගිවිසුම් හිමිව තිබූ ක්‍රීඩකයන් අතරින් මෙවර කොන්ත්‍රාත් ගිවිසුම් අහිමි වී ඇති සෙසු ක්‍රීඩකයන් වන්නේ දිනේෂ් කාර්තික්, කලීල් අහ්මඩ් සහ අම්බටි රයිදු යන අයයි.

ගිවිසුම් වලංගු කාලසීමාව වන්නේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට ලබන සැප්තැම්බර් මාසය දක්වායි.

ඛාණ්ඩ සහ වටිනාකම් :

  • Grade A + – INR 7 Cr
  • Grade A – INR 5 Cr
  • Grade B – INR 3 Cr
  • Grade C – INR 1 Cr

ක්‍රීඩකයින් ඛාණ්ඩගත වී ඇති අයුරු –

A+ :

  • Virat Kohli
  • Rohit Sharma
  • Jasprit Bumrah

A :

  • Ravichandran Ashwin
  • Ravindra Jadeja
  • Bhuvneshwar Kumar
  • Cheteshwar Pujara
  • Ajinkya Rahane
  • K L Rahul
  • Shikhar Dhawan
  • Mohd. Shami
  • Ishant Sharma
  • Kuldeep Yadav
  • Rishabh Pant

B :

  • Wriddhiman Saha
  • Umesh Yadav
  • Yuzvendra Chahal
  • Hardik Pandya
  • Mayank Agarwal

C :

  • Kedar Jadhav
  • Navdeep Saini
  • Deepak Chahar
  • Manish Pandey
  • Hanuma Vihari
  • Shardul Thakur
  • Shreyas Iyer
  • Washington Sundar

 

Your Comments