කොළඹ හෝටල් වෙත යැවූ ‘පොලිස් ලිපිය’ කාගේද ? විමර්ශන ඇරඹෙයි

96

කොළඹ කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාගේ අත්සන සහිතව හෝටල් කිහිපයක් වෙත යොමුකර ඇති බව කියන ලිපියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අදාළ ලිපිය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වනු දක්නට ලැබීමත් සමගයි විමර්ශන ආරම්භ කර ඇත්තේ.

කෙසේ වෙතත් එම ලිපියෙහි සඳහන් කරුණු බුද්ධි අංශ මගින් තහවුරු කර නොමැති බව පොලිස් මූලස්ථානය නිවේදනය කළා.

ඒ අනුව අදාළ ලිපිය යැවූ නිලධාරීන් පිළිබඳ සහ එය යම්කිසි කඩාකප්පල්කාරී තත්ත්වයක් ඇති කිරීම සඳහා යොමු කළේ ද යන්න සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්.

Your Comments