කොළඹ සහ අවට ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක්

20

කොළඹ සහ අවට ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු නවයේ සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අඩාල වන බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා.

හෝකන්දර ප්‍රදේශයට එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට ද සිදුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

එම කාලසීමාව තුළ කොළඹ , දෙහිවල, ගල්කිස්ස , කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශවලත් මහරගම, බොරලැස්ගමුව සහ කොලොන්නාව නගර සභා බල ප්‍රදේශවලටත් අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.

එමෙන්ම කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ මෙන්ම රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාසවලට ද අඩු පීඩනයකින් ජලය ලබා දෙන බවයි ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සදහන් කළේ.

Your Comments