කොළඹ දැඩි රථ වාහන තදබදයක් – කාලගුණයෙන් රතු නිවේදනයක්

4

කොළඹ අවට ප්‍රධාන මාර්ග රැසක මේ වන විට දැඩි රථ වාහන තදබදයක් පවතිනවා. අධික වැස්සත් සමග මෙම මාර්ග තදබදය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව බොරැල්ල, කොළඹ පුරහල අවට, හෝර්ටන් පෙදෙස සහ තුම්මුල්ල යන ප්‍රදේශයන්හි මෙලෙස දැඩි රථ වාහන තදබදයක් පවතින බවයි වාර්තා වන්නේ.
මේ අතර තද වැසි ඇතිවීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එමගින් පවසන්නේ දිවයින අවට පහළ වායුගෝලයේ පවතින කැළඹිලි සහිත තත්ත්වය හේතුවෙන් උතුර, නැගෙනහිර, උතුරු මැද, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි සහිත තත්ත්වය වැඩිවිය හැකි බවයි. එසේම දිවයින පුරා අහස වළාකුළින් බරව පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මුලතිව්, නුවරඑළිය, මහනුවර, මාතලේ, බදුල්ල සහ මොණරාගල යන දිස්ත්‍රික්කයන්හි ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වර්ෂාපතනයන්ද උතුරු මැද, සබරගමුව, දකුණු සහ බස්නාහිර පළාත්වල සහ යාපනය, මන්නාරම, කිලිනොච්චිය සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Your Comments