කොස්ගොඩ පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කෙරේ

23

පොලිස් සිර මැදිරිය තුළ සැකකරුවෙකුට මත්පැන් පානය කිරීමට ඉඩ ලබාදීමේ සිද්ධියකට කොස්ගොඩ පොලීසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ කාන්තා පොලිස් සැරයන්වරියකගේ වැඩ තහනම් කර තිබෙනවා.
ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩ තහනම පනවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
හෙරොයින් සන්තකයේ තබාගැනීමේ චෝදනාවකට අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් සිර මැදිරියේ රදවා සිටියදී ඔහු එහි සිට මත්පැන් පානය කරන දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබුණා.
ඒ අනුව සිදුකළ පරීක්ෂණවලින් අනතුරුවයි මොවුන්ගේ වැඩ තහනම් කර ඇත්තේ.
එම සිද්ධිය වූ දිනයේ කොස්ගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා නිවාඩු ලැබ සිටි බැවින් වැඩ තහනමට ලක්වූ පොලිස් පරීක්ෂකවරයා, වැඩබලන ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා.

Your Comments