කොල්ලුපිටියේදී ඇල්ලූ කෝටි 100කට අධික වටිනා හෙරොයින් තොගය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

23

රුපියල් කෝටි 100 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් කොල්ලූපිටියෙන් සොයාගැනීමේ සිද්ධියට අදාල ජාවාරම මෙහෙයවා ඇත්තේ මධ්‍යම ආසියානු රටක් වන ටර්ක්මෙනිස්ථානයේ සිට බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
මෙම ජාවාරම සම්බන්ධයෙන් ටර්ක්මෙනිස්ථාන් යුවලක් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ.
මොවුන් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර මගින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට ද මේ වන විට අනාවරණය වී තිබෙනවා.
හෙරොයින් සොයාගත් කොල්ලූපිටිය ප්‍රදේශයේ සුපිරි නිවාස සංකීර්ණයේ නිවසක් මසකට රුපියල් ලක්ෂ තුන බැගින් මාස දෙකක කාලයක් සඳහා මොවුන් කුලී පදනම මත ලබාගෙන ඇති බවද තොරතුරු ලැබී ඇති බව ද සඳහන්.

Your Comments