කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය ගණන 170 දක්වා ඉහළට

29

චීනයෙන් ව්‍යාප්තවීම ආරම්භ වූ කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට එරට තුළ මිය ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 170 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තවත් පුද්ගලයින් 7, 711 දෙනෙකුට වෛරසය ආසාධනය වී ඇති බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ වන විට ටිබෙට් දේශයෙන් ද වෛරසය ආසාධනය වූ පුද්ගලයෙකු හදුනාගෙන ඇති බව සඳහන්.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ මෙම කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ලෝක ප්‍රජාව දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එම සංවිධානයේ විශේෂ රැස්වීමක් ද අද පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Your Comments