කොරෝනා වෛරසය ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

40

කෝවිඩ් 19 හෙවෙත් කොරෝනා වෛරසය ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ, මේ වන විට වෛසරය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව එක් ලක්ෂ 18 දහසක් දක්වා ඉහළ යාමත් සමගයි.
රටවල් 114ක් දක්වා ව්‍යාප්ත වී ඇති කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගොස් ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව 4,291 ක්.
මේ අතර, වෛසරය ව්‍යාප්තවීමත් සමග ඇතිව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආහාර අලෙවිසැල් සහ ඔසුසැල් හැර ඉතාලියේ සියලු වෙළද අලෙවිසැල් වසා දැමීමට ද තීරණය කර තිබෙනවා.
මත්පැන් අලෙවිසැල්, අවන්හල් මෙන්ම අත්‍යවශ්‍ය නොවන සමාගම් සහ දෙපාර්තමේන්තු ද වසා දැමීමට තීරණය කර ඇති බව සදහන්.
වෛසරය හේතුවෙන් ඉතාලිය තුළ මිය ගොස් ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව 827ක්.

Your Comments