කොරෝනා වෛරසයෙන් මියගිය ගණන 425 දක්වා ඉහළට [Live Update]

48

චීනයේ නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 425 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ දිනයේ දී මරණ 64ක් වාර්තා වූ බවයි එරට බලධාරීන් සඳහන් කරන්නේ.
එය වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වූ දින සිට මේ දක්වා වූ කාලයේ දී එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව බව සදහන්.
නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වන විට 20 දහස් 438 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වන විට ලොව පුරා කොරෝනා වෛරසය ව්‍යාප්තවී ඇති ආකාරය සහ වෛරසය හේතුවෙන් මියගිය සහ සුවය ලැබූ අය සජීවිව යාවත්කාලීන කෙරෙන වීඩියෝව පහතින් නරඹන්න.

Your Comments