කොරෝනා රෝගීන් 800 ආසන්නයට එයි

70

අද රාත්‍රී 11.30 වන විට මෙරට කොරෝනා වෛරසය අසාදනය වූ රෝගීන් ගණන 797ක් බවට‍ පත්ව තිබෙනවා.

ඒ අනුව රෝහල් තුළ ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 573ක්.

සුවය ලැබූ මුළු රෝගීන් ගණන 215ක් වන අතර අද දිනයේ ආසාදිතයන් දෙදෙනකු සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවා.

තවත් 153 දෙනෙකු සක සහිත බැවින් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා.

ශ්‍රී ලංකවෙන් කොරෝනා මරණ 9ක් වාර්තා වූවා.

මේ අතර ඊයේ දිනයේ ආසාදිතයින් බවට වූ පුද්ගලයන් තිදෙනෙකු ට වෛරසය ආසාදනය වී නොමැති බවට අද දිනයේ තහවුරු වුණා.

ඒ සමග සමඟ මෙරටින් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 3කින් අඩු කර සමුච්චිත එකතුව සංශෝධනය කරනු ලැබුවා.

Your Comments