කොරෝනා ආසාධිත බවට සැක තිදෙනෙක් හලාවත මහ රෝහලෙන් පැනයයි
ප්‍රසාද් පූර්ණිමාල්

20694

කොරෝනා ආසාධිත බවට සැකකරමින් හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලැබූ තිදෙනෙකු රෝහලින් පැන යාමේ  සිදුවීමක් වාර්තා වනවා.

මෙලෙස හලාවත මහා රෝහලින් පැන ගොස් ඇති බව වාර්තා වන්නේ ඉතාලියේ සිට පසුගිය දිනක මෙරටට පැමිණි දෙදෙනෙකු හා  මෙරට ජිවත් වූ අයෙකු බවයි නිව්ස්24 වාර්තාකරු පවසන්නේ.

මොවුන් තිදෙනා හලාවතට ආසන්න ගම්මානයක ජිවත් වන තිදෙනෙකු බවත් මොවුනට කොරෝනා රෝගයට සමාන රෝග ලක්ෂණ තිබූ බවත්  හලාවත මහ රෝහලේ ප්‍රකාශකයෙකු කියා සිටියා.

මුල් අවස්ථාවේ හලාවත පිහිටි පුද්ගලික් රෝහලකට ගොස් ප්‍රතිකාර ලබා දෙන ලෙස මේ තිදෙනා ඉල්ලා ඇති අතර එහිදී එම රෝහල මේ තිදෙනාට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව හලාවත මහා රෝහලට පැමිණ ප්‍රකාශ කර ඇත්තේ හලාවත මුහුදේ නැමෙන් පසු  සෙම්ප්‍රතික්ෂාව වැළදුණු බවයි.

රෝහල් බලධාරීන් ප්‍රශ්න කිරීමේදී දෙදෙනෙකු ඉතාලියේ සිට පැමිණ ඇති බව අනාවරණ වී ඇති බවයි නිව්ස්24 වාර්තාකරු කිය සිටියේ.

හලාවත මහා රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයේ මේ තිදෙනා පැය අටකට ආසන්න කාලයක් නේවාසිකව රඳවා ගෙන ප්‍රතිකාර කර පසුව මීගමුව මුලික රෝහල වෙත මාරු කිරීමට යාමේදී මොවුන් මෙලෙස රෝහලින් පැන ගොස් තිබෙනවා.

එහිදී රෝහල් කාර්ය මණ්ඩලයට බැන වැදී ඇති මේ තිදෙනා තමන්ට නිකරුනේ කාලය නාස්ති කළ නොහැකි බව පවසා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් හලාවත මහා රෝහලේ බලධාරීන් හලාවත පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

Your Comments