කොරෝනා ආසාදිත තවත් තිදෙනෙක් හඳුනා ගැනෙයි – සමස්ත සංඛ්‍යාව 2050 දක්වා ඉහළට

16

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද(01) පස්වරු 4 පමණ වන විට 2050 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව අද දිනයේ පස්වරු හතර පමණ වන විට තහවුරු කර ගැනුණු කොරෝනා වෛසර ආසාදිත නව රෝගීන් සංඛ්‍යාව 3ක් වනවා.
මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා වෛරස ආසාදිතයින්ගෙන් මේ වන විට 1748 දෙනෙක් සුවය ලබා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
එසේම තවත් රෝගීන් 291 දෙනෙක් මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.
එසේම මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 11ක්.
කොරෝනා වෛරස ආසාදිත බවට සැකය මත තවත් පුද්ගලයන් 55 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටනවා.

 

Your Comments