කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2076 දක්වා ඉහළට – 1903කට සුවයි – 162ක් තවදුරටත් රෝහල්වල

14

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2076ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ කොරෝනා වෛරස ආසාදිතව සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව මේ වන විට 1903ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ගෙවී ගිය දිනයේදී ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වී තිබෙනවා.
එසේම තවත් ආසාදිතයින් 162 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.
එලෙස ප්‍රතිකාර ලබන රෝගීන් අතර විදේශිකයන් 24 දෙනෙක්ද වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.
කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් මෙරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 11ක් වන අතර කොරෝනා රෝග ලක්ෂණ සහිත බවට සැකය මත තවත් පුද්ගලයන් 38 දෙනෙක් රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

 

Your Comments