කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1060 දක්වා ඉහළට

18

අද(22) පස්වරු 7.20 පමණ වන විට කොරෝනා ආසාදිත තවත් රෝගීන් පස් දෙනෙකු තහවුරු කර ගැනුණු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1060ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එලෙස අද තහවුරු කර ගැනුණු ආසාදිත රෝගීන් අතර මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානයට ලක්වෙමින් සිටි නාවික හමුදා සාමාජිකයන් දෙදෙනෙකුද අයත් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.
ඒ අනුව මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් 431 දෙනෙක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 620ක්.
කොරෝනා ආසාදනය හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 9ක් වන අතර කොරෝනා වෛරස රෝග ලක්ෂණ සහිත බවට සැකය මත තවත් රෝගීන් 110 දෙනෙක් පමණ වෛද්‍ය අධීක්‍ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

Your Comments