කොරෝනා ආසාදිතයින් ගණන 3287ක් දක්වා ඉහළට

21

මෙරට කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සමස්ත සංඛ්‍යාව 3287ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ ඊයේ දිනයේදී තහවුරු කර ගත් නව රෝගීන් සිව්දෙනෙකුද සමගින්. ඔවුන් සියලු දෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි පිරිස් බවද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් කියා සිටියා.

ඒ අනුව මේ වන විට රෝගීන් 186 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලබා ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 3088ක්.

මේ අතර කොරෝනා වෛරස රෝග ලක්ෂණ සහිත බවට සැකය මත රෝගීන් 33 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවද වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

මේ අතර ඊයේ(20) දිනය තුළ මෙරට සිදු කළ සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 1785ක් සිදු කර ඇති බවත් මේ වන විට මෙරට සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 268371ක් බවද කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

Your Comments