කොරෝනා ආසාදිතයින්ගේ ගණන 151 දක්වා ඉහළට – මරණ 4යි

40

කොරෝනා ආසාදනය වීමෙන් මෙරට මියගිය සංඛ්‍යාව හතර දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේ කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 58 හැවිරිදි පුද්ගලයකු මෙලෙස මියගිය බවයි.


එසේම කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 151 දෙනෙකු මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන අතර මේ වන විට 126 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ.
අද (02) දිනයේදී හඳුනාගත් කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට පස් දෙනෙක්.
ආසාදිතයින්ගෙන් 21 දෙනෙකු සුවය ලබා රෝහලින් බැහැර ගොස් තිබෙනවා.
මේ අතර තවත් 251 දෙනෙකු කොරෝනා බවට සැකපිට වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ.

 

Your Comments