කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවසන් කටයුතු සිදු කෙරේ

52

කොරෝනා ආසාදනය වී ඊයේ (26) මියගිය කාන්තාවගේ අවසන් කටයුතු ත්‍රිකුණාමලය – පොදු ආදාහනාගාරයේදී ඊයේ(26) රාත්‍රියේ සිදුකෙරුණා.
ඒ ජාත්‍යන්තර නිරෝධායන නීති රීතිවලට අනුකූලවයි.
මෙම කාන්තාව කුවේටයේ සිට මෙරටට පැමිණ ත්‍රිකුණාමලය – මන්කි බ්‍රිජ් යුද හමුදා කඳවුරේ නිරෝධායනයට ලක්වෙමින් සිටි අයෙක්.
පයාගල ප්‍රදේශයේ පදිංචිකාරිණියක වන ඇය 51 හැවිරිදි වියේ පසු වු කාන්තාවක් වන අතර ඇය පසුගිය 20 වන දා කුවේට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි 466 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ සිටි අයෙකු බව සදහන්.
මේ අතර පසුගිය දිනවල විදෙස් රටවලින් මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 157 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඩුබායි සිට මෙරටට පැමිණි 18 දෙනෙකු සහ කුවේටයේ සිට පැමිණ 90ක් ද ඒ අතර වනවා.

Your Comments