කොටි විරෝධතාව යටපත් කරමින් සංගීතයෙන් පිළිතුරු දුන් ‘පපරේ ලීඩ් කළ’ අපේ කොල්ලෝ

261

ලෝක කුසලාන තරගයේ 20 වන තරගය ලෙස ශ්‍රි ලංකාව සහ ඕස්ට්‍රේලියාව තරග වැදුනේ ලන්ඩනයේ ඕවල් ක්‍රිඩාංගනයේ දී.

තරගයට පෙර ඕවල් ක්‍රිඩාංගනය ඉදිරිපිට කොටි හිතවාදීන් විරෝධතාවක නිරත වුණා.

ඒ ශ්‍රී ලංකාවට එරෙහිවයි.

එල්.ටී.ටී.ඊ. ධජද ප්‍රදර්ශනය කරමින් 30කට ආසන්න පිරිසක් ඕවල් ක්‍රිඩාංගනය ඉදිරිපිට විරෝධතාවයේ නියැලුනේ උතුරේ ඉඩම් නිදහස් කර ගැනීම සහ හමුදා කඳවුරු ඉවත් කර ගන්න ලෙසට බල කරමින්.

ශ්‍රි ලංකාවේ පැවති සිවිල් යුද්ධයේදි මිනිස් ඝාතන සිදු වූ බවටත් කොටි හිතවාදීන් මෙම විරෝධතාවයේ දී පවසා සිටියා.

ඒ මොහොත වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට සහය පළ කිරීමට ක්‍රීඩාංගණය ඇතුළත පැමිණ සිටි සංගීත කණ්ඩායමකට, කොටි හිතවාදීන් පිරිසක් විරෝධතාවයක් නිරතවන බවට ආරංචියක් ලැබී තිබුණා.

ඒ අනුව එම සංගීත කණ්ඩායම ක්‍රීඩාංගණය පිටතට පැමිණෙන විට කොටි හිතවාදීන් තවදුරටත් විරෝධතාවයේ නිරතවෙමින් සිටියා.

ලන්ඩන් ඕවල් ක්‍රිඩාංගනය ඉදිරිපිට පැවති විරෝධතාව සාමකාමීව පැවතියත් එල්.ටී.ටී.ඊ. ධජ ප්‍රදර්ශනය කිරීම තරගය නරඹන්නට පැමිණි බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ දෝෂ දර්ශනයට ලක් වුණා.

එය දුටු සංගීත කණ්ඩායම කවුරුත් නොසිතූ ආකාරයට කොටි විරෝධතාකරුවන්ගේ හඬ යටපත් කරමින් ප්‍රතිචාර දැක්වූවා.

ඒ පපරේ සංගීතයෙන්.

ජනප්‍රිය දෙමල ගීතයක් වන ‘වාඩා මා පුල..’ ගීතය ද පපරේ සංගීතයෙන් වාදනය කළ සංගීත කණ්ඩාමට සහය පළ කරමින් ඒ අවස්ථාව වන විටත් ක්‍රීඩාංගනයේ සිට පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන්, ගීතයේ පදවැල් ද ගායනා කරමින් නර්තනයක ද නිරත වුනා.

මෙම අවස්ථාව වන විට එංගලන්ත පොලිසිය මෙම විරෝධතාවට ආරක්ෂාව ලබා දීම සඳහා පැමිණ සිටියා.

සාමාන්‍යයෙන් මෙවැනි සාමකාමී විරෝධතා පැවැත්වීම සඳහා එංගලන්තයේ දී උපරීම ප්‍රජාතන්තවාදී නිදහස හිමි වනවා.

කොටි හිතවාදීන් ක්‍රීඩාංගනය ඉරිරිපිට මාරගයේ එහා අන්තයේ විරෝධතාවයේ නිරත වූ අතර එම හඬ යටපත් කරමින් ශ්‍රී ලාංකිකයන් මෙහා අන්තයේ එනම් ක්‍රීඩාංගන අන්තයේ සිට ඊට ප්‍රතිචාර දැක වූවා.

දෙමළ ගීතයට නර්තනයෙන් දායකත්වය ලබා දීමට විදේශිකයන් පිරිසක් ද පැමිණියා.

ශ්‍රී ලාංකිකයන්ගේ මෙම හැසිරීම බොහෝ දෙනාගේ සිත් ගත් අවස්ථාවක් බවට පත් වූවා.

 

Your Comments