කොටහේන ආමර් බාබර් මංසන්ධිය ජලයෙන් යටවේ

14

කොටහේන – ආමර් බාබර් මංසන්ධිය සම්පූර්ණයෙන් ජලයෙන් යටවීම නිසා අධික රථවාහන තදබදයක් හටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ. මේ නිසා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

මේ අතර පස් කන්දක් සහ ගස් කඩාවැටීමක් හේතුවෙන් නෝටන් බි්‍රජ් සිට දියගල දක්වා ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය අට්ලිස් ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා.

මාර්ගයට කඩාවැටුණු ගස් කපා ඉවත් කිරීම සහ පස් කන්ද ඉවත් කිරීමේ කටයුතු පොලීසිය සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් විසින් මේ වනවිට සිදුකරමින් පවතින බවයි නෝටන් බි්‍රජ් පොලීසිය සඳහන් කළේ.

මේ අතර දිවයින ආශ්‍රිතව දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

Your Comments