කොටහේනේ වෙඩි තැබීමක් – සැකකරුවන් පළා යයි

15

කොටහේන ජම්පටා විදිය ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණී නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

සිද්ධීයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

 

Your Comments